News



 
නිර්මාණාත්මක දුම්වැටි විරෝධී වීඩියෝව 


වර්ධනය වන ටියුමරයක් සහිත දුම් වැටියක් පානය කරන සංවේදී දැන්වීම් පෙලක් එංගලන්තයෙන් දියත් 

කර ඇත. මෙමගින් දුම්පානය කරන්නන්ට ලබා දෙන පණිවුඩය වන්නේ දුම්වැටි 15ක් මගින් පිලිකාකාරක

ටියුමර් ඇති කරන බවයි. දුම්වැටි විරෝධීන් කල එලි බැස ඇත්තේ වසර 8කට පමණ පසුවයි.

පවුම් මිලියන 2.7ක් වන දැන්වීම් ව්‍යාපාරය පෙබරවාරි මාසය වනතෙක් රූපවාහිනිය, අන්තර්ජාලය සහ

පෝස්ටර් මගින් ප‍්‍රදර්ශනය වනු ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තු වාර්තා දක්වන අන්දමට මිනිසුන් තවමත් 

සිතන්නේ දුම් බීමේ ආදීනව අතිශයෝක්තියෙන් දක්වන බවයි.

ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ඬේම් සැලි ඬේවිස් කියන්නේ සෑම සිගරැට් පැකට්ටුවකින්ම පිලිකාවේ 

අවදානම වැඩි කරන බව පෙන්වා දීමත් විශේෂයෙන් බාල පරපුර මින් ගලවා ගැනීමට අවශ්‍ය බවත්ය. 

බි‍්‍රතාන්‍ය පිලිකා පර්යේෂණ ආයතනයේ සහායද මෙම ප‍්‍රචාරණ ව්‍යාපාරයට ලැබී ඇත.

එහි ප‍්‍රධාන විධායක වෛද්‍ය හාපල් කුමාර් ප‍්‍රකාශ කලේ දුම්බීමෙන් වන හානිය ගැන මෙවැනි දැඩි ප‍්‍රචාරණ 

මගින් මිනිසුන්ට දුම්බීම නැවතීමේ පලමු පියවර තැබීමට උනන්දු කරවන බවයි.

පිලිකා මරණ වලින් හතරෙන් එකක් පමණ දුම් පානය නිසා සිදුවන බව මෙම පුණ්‍ය ආයතනය කියයි.



වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment